පොත් ලැයිස්තුව

"ථීනමිද්ධ සහගතෝති" – ථීනමිද්ධ සහගත ඡන්දය යනු කුමක්ද?

star_outline

යෝගාවචරයා වීර්යය වැඩීමේ කැමැත්ත උපදවාගෙන භාවනා කමටහන මෙනෙහි කරමින් සිටින විට, සිතට සහ කයට තදබල නිදිමතක් (ථීනමිද්ධයක්) උපදින්නට හැකිය. ඔහු "මා තුළ තීනමිද්ධය ඉපදුණේය" යැයි සිහියෙන් දැනගෙන, ජලයෙන් මුව පිසදමා, කන් පෙති අතින් මදක් රිදෙන ලෙස ඇද, තමා ප්‍රගුණ කරගෙන ඇත්තා වූ සූත්‍ර හෝ ධර්ම කොටස් සජ්ඣායනා කළ යුතුය. එසේම, දිවා කාලයෙහි ගන්නා ලද දිවා සංඥාවද ආලෝක සංඥාව ද මෙනෙහි කොට ථීනමිද්ධය දුරු කරගෙන නැවත කමටහන මෙනෙහි කිරීම සිදු කළ යුතුය.

එසේ මෙනෙහි කරන විට නැවතත් තීනමිද්ධය උපදී නම්, පෙර සඳහන් කළ ආකාරයටම විවිධ උපක්‍රම මඟින් තීනමිද්ධය දුරු කරවාගෙන කමටහන මෙනෙහි කළ යුතුය. මෙලෙස ථීනමිද්ධයෙන් ගැවසී ගත්තා වූ, ඡන්දය "තීනමිද්ධ ස බහිද්ධා වික්ඛිත්ත ඡන්ද විභංගය (බාහිරට විසිරුණු ඡන්දය)